ශ්‍රී ලංකා රේගුව විසින් සිය ප්‍රථම කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය 2026 ඔක්තෝබර් 01 වැනි දින කොළඹ ශ්‍රී ලංකා රේගු ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් දියත් කිරීමට නියමිත අතර, එය රේගු ක්‍රියා පටිපාටි ඩිජිටල් කරණය කිරීමේ සහ වෙළඳ ප්‍රජාව වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ ක්‍රියාවලියේ වැදගත් සන්සිස්ථානයක් සනිටුහන් කරනවා.
නව පද්ධතිය මඟින් රේගු ප්‍රකාශන සහ ඒවාට අදාළ උපකාරක ලේඛන විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීමට හා සැකසීමට හැකි වන අතර, එමඟින් භෞතික ලේඛන, අතින් සිදු කරන ලේඛන කටයුතු සහ කඩදාසි ලිපිගොනු පරිහරණය මත පවතින රඳා පැවැත්ම අවම වනවා.
මෙම වැඩපිළිවෙළ මඟින් වේගවත් සැකසුම් ක්‍රියාවලියක්, වැඩි විනිවිද භාවයක්, ලේඛන පහසුවෙන් සොයා ගැනීමේ සහ පසු විපරම් කිරීමේ හැකියාවක් මෙන්ම පරිපාලන ප්‍රමාදයන් අවම කිරීම ඇතුළු ප්‍රායෝගික ප්‍රතිලාභ රැසක් අත්කර දීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම, වඩාත් ඵලදායී අවදා නම් මත පදනම් වූ රේගු පාලනය, රජයේ ආදායම් ආරක්ෂා කිරීම, නියාමන අනුකූලතාව සහ වෙළඳ පහසු කරණය සඳහා ද මෙම පද්ධතියේ සහය ලැබෙනවා.
තවද, වඩාත් පරිසර හිතකාමී හා තිරසාර කාර්ය පරිසරයක් ඇති කිරීමටත්, රාජ්‍ය සේවාවන් ඩිජිටල්ල්කරණය කිරීමේ පුළුල් ක්‍රියාවලියට දායක වීමටත් මෙය ඉවහල් වනවා.
මෙම දියත් කිරීම මඟින් වඩාත් කාර්යක්ෂම, විනිවිද භාවයෙන් යුතු, සුරක්ෂිත සහ තාක්ෂණය මත පදනම් වූ රේගු පරිපාලන ක්‍රම වේදයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා රේගුව ගෙන යන වැඩපිළිවෙළෙහි වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙන අතර, එමඟින් නූතන ජාත්‍යන්තර වෙළඳාමේ අවශ්‍යතාවන්ට වඩාත් කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීමට හැකි වනවා.
මෙම පද්ධතිය හඳුන්වාදීම සාර්ථක කර ගැනීම සඳහා ලබාදුන් සහයෝගය සහ දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව සිය නිලධාරීන්, තාක්ෂණික කණ්ඩායම්, රාජ්‍ය ආයතන, වෙළඳ ප්‍රජාව, රේගු නිෂ්කාශන නියෝජිතයන් සහ සැපයුම් හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ හවුල්කරුවන් වෙත සිය කෘතඥතාව පළ කරනවා.













