රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට රැගෙන තිබෙනවා.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව ගොනුකර තිබෙන නඩුකරයකට ඉදිරිපත් කිරීම සඳහා නාමල් රාජපක්ෂ මෙලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන වී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා විසින් අද (23) පස්වරුවේ ප්රකාශයට පත් කිරීමට නියමිතයි.













