ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන හා නියාමන බාධා ඉවත්කර එම ක්‍රියාවලි වේගවත් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පිහිටුවන ලද ‘වියාසා’ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) අද (22) දින කම්කරු අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
ඒ සමගම මෙම කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන nbfc.presidentsoffice.gov.lk විවෘත කිරීමද මෙම අවස්ථාවේදී සිදු කරනු ලැබුවා.
ඒකක පහකින් සමන්විත මෙම මධ්‍යස්ථානය ව්‍යාපාරික ක්ෂේත්‍රෙය් දැනටමත් කටයුතු කරන හා ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන ව්‍යවසායක ප්‍රජාව රජය සමඟ කරනු ලබන ගනුදෙනු වඩාත් පහසු කරමින් ඔවුන්ගේ අවශ්‍යතා කාර්යක්ෂමව ඉටු කරගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා.
ඉඩම් හා යටිතල පහසුකම් නිෂ්කාශන ඒකකය, නියාමන, මූල්‍ය උපදේශන හා පරිපාලන ඒකකය, කර්මාන්තප්රර්වධන, පර්යේෂණ හා මාධ්‍ය ඒකකය, ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණ සහාය ඒකකය සහ ව්‍යාපාර උපදේශන හා උපදෙස් සේවා ඒකකය යන ඒකක 05 යටතේ මෙහි කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙහිදී උත්සව සභාව ඇමතූ අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ආණ්ඩුවට තිබෙන ජනවරම සහ වගකීම සමග මෙරට පරිවතනය කරා ගෙන යාමේදී ආර්ථිකය ප්‍රධාන කුලුනක් වන බවත්, එහිදී ආර්ථික වර්ධනය අත්පත් කරගත යුතු බවත්, මෙම වසර දෙක තුලදී ආයෝජකයන්, ව්‍යාපාරිකයන් මුහුණ දී තිබෙන ගැටලුවලට විසදුම් ලබා දෙමින් ඉදිරියට පැමිණ ඇති බවත් සඳහන් කළා.
මෙසේ ව්‍යවසායක ප්‍රජාවගේ ගැටලු විසඳීම සඳහා වියාසා මධ්‍යස්ථානය පිහිටුවන ලද කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, අංක C-80 යන ස්ථානයේ පිහිටි මෙම ගොඩනැගිල්ල පසුගිය රජයන් විසින් නියෝජ්‍ය අමාත්‍ය නිල නිවාසයක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක් වීමද විශේෂත්වයක්.
මෙම අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්ප්පෙරුම, ‘ වියාසා’ මධ්‍යස්ථානයේ ප්‍රධානී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ, මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව ද එක්වුණා.













