නෝර්වුඩ් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්රතිලාභීන්ගේ මුදල් වංචා කල එම අංශයේ නිළධාරින් දෙදෙනා යළිත් ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හැටන් මහේස්ත්රාත් පීටර් පෝල් අද (22) දින නියෝග කළා.
ඉන් එක් සැකකාරියක් බන්ධනාගාර නිළධාරින් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, ගැබ්ගෙන සිටින සැකකාරිනිය සූම් (Zoom)තාක්ෂණය ඔස්සේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා එම නියෝගය නිකුත් කළා.
නෝර්වුඩ් සහ තලවකැලේ ප්රාදේශීය ලේකම් කාර්යාල දෙකේම අස්වැසුම මුදල් වංචාව රු.දෙකෝටි විසි ලක්ෂය දක්වා ඉහළ ගොස් ඇති අතර, නෝර්වුඩ් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාරිණියන් දෙදෙනා ඔවුන්ගේ ඥාතීන් සහ හිතවතුන් 13 දෙනෙකුගේ ගිනුම්වලට මුදල් බැර කර ඇති බවට සිදු කරන ලද මූලික විමර්ෂණයේදි අනාවරණය වුණා.
එසේ මුදල් බැර වූ ගුරුවරුන් 06 දෙනෙකු සහ නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිළධාරියෙක් ඇතුලු මූලික විමර්ෂණ කටයුත්තක් සදහා ගුරුවරුන් 06 දෙනාගේ වැඩ තහනම් කර ඇති අතර, එම සැකකාරියන් දෙදෙනා තවත් ගුරුවරුන් කිහිප දෙනෙකුගේ ගිණුමට මුදල් බැර කර තිබිම සම්බන්ධයෙන් එම ගුරුවරුන්ගේද වැඩ තහනම්
කිරිමට කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.













