කලාවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්, අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට (23) දිනයේ පැය 08ක කාලයක් සඳහා තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට (23) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ඉහළගම, කලාවැව, මරදන්කඩවල, තිරප්පනේ සහ කැකිරාව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් සිදුවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය ජලය කල්තියා රැස්කර තබා ගන්නා ලෙසත්, ජල සැපයුම යථා තත්ත්වයට පත් කරන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.













