වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අලුත් ඉංජිනේරුවරියක්

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ලෙස දැනට සේවය කරනු ලබන ආචාර්ය, ඉංජිනේරු කේ. වැලිගෙපොලගේ, අනිවාර්ය විශ්‍රාම වයසට එළඹීම හේතුවෙන් 2026-10-06 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පුරප්පාඩු වන වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් තනතුරට දැනට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ජල සම්පත් සංවර්ධන) ලෙස සේවය කරනු ලබන ශ්‍රි ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි, (ඉංජිනේරු) පී. එම්. ජයදීර 2026-10-06 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාක්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්