ක්‍රිකට් ගොඩදාන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය සඳහා පනත් කෙටුම් පතක් සකස් කිරීම පිණිස 2026-06-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනකරණය, පාලනය කිරීම, නියාමනය කිරීම, ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය කිරීම සහ පරිපාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිහිටුවීම සඳහා ද, යහපාලනය, සුපිළිපන්න භාවය, විනිවිදභාවය, වගකිවයුතු භාවය, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්ම හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ද, සියලු සහභාගිවන්නන්ගේ සුඛ සාධනය ආරක්ෂා කිරීම හා දූෂණයෙන් සහ වෙනත් අනිසි ක්‍රියාකාරකම් වලින් ක්‍රිකට් ආරක්ෂා කිරීම සඳහා ද ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්ථාපනය කිරීම, බලකල සහ කර්තව්‍ය සඳහා නෛතික විධිවිධාන සලසමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත සකස් කරනු ලැබ තිබෙනවා.

එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති අතර, එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්