AFC Banner
Empty Ad
Empty Ad

බොලිවුඩ් සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ප්‍රවීණ ඉන්දීය නළු දිලිප් කුමාර් මහතා අභාවප්‍රාප්ත වෙයි

බොලිවුඩ් සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ප්‍රවීණ ඉන්දීය නළු දිලිප් කුමාර් මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙනවා.

මියයන විට ඒ මහතා පසු වූයේ 98 වැනි වියේ යි.

අද (07) උදෑසන 7.30ට පමණ ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව යි වාර්තා වන්නේ.

දිලිප් කුමාර් මහතා දිගුකාලීන අසනීප තත්ත්ව කිහිපයකින් පීඩා විඳි බව සඳහන්.

ඉන්දියාවේ ස්වර්ණමය යුගය සැරසූ රංගන ශිල්පියෙකු වූ ඒ මහතා දශක 05ක් තිස්සේ සිය හැකියාවෙන් රසික රසිකාවියන් පිනවනු ලැබුවා.

කුමාර් මහතා රංගනයෙන් දායක වූ සිනමා පට අතර මධුමතී, දේව්දාස්, ගංගා ජමුනා, ක්‍රාන්ති, විධාතා, ශක්ති සහ මාෂල් වැනි ඒවා කැපී පෙනෙනවා.

ඉන්දියාවේ පමණක් නොව පැරණි හින්දි සිනමාවට ලැදි ලෝ වාසී සියළු දෙනාගේම ආදරයට පාත්‍ර වූ පුද්ගලයෙකු ලෙස දිලිප් කුමාර් මහතා හැඳින්විය හැකි යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?