පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පන්නල ප්‍රදේශයේ දී අද (22) උදෑසන පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.
ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මෝටර් රථය පසුපස හඹාගොස් ඇති අතර, එහිදී මෝටර් රථයේ පසුපස රෝදයකට වෙඩි තබා එය නවත්වා ගැනීමට හැකිව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
එහිදී මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෝටර් රථය තුළ තිබී මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි.













