අන්තර් සමාජ ප්‍රධානතම ටියර් ‘A’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 14, ඉදිරි වසර 02 තුළ දහයක් දක්වා අඩු කිරීමටත්, ටියර් ‘B’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 12, එලෙසම පවත්වා ගෙන යාමටත් ක්‍රිකට් පරිවර්තන කමිටුව තීරණය කර තිබෙනවා.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් 2026 අප්‍රේල් 29 වන දින පත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මෙතෙක් ප්‍රගතිය පිළිබඳ ප්‍රකාශය ඇතුළත් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.
ටියර් ‘A’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සංඛ්‍යාව අඩු කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ සිටින දක්ෂතම ක්‍රීඩකයන් ඉහළම මට්ටමේ දේශීය තරගාවලියට එක් කිරීම සහ එමඟින් වඩාත් තරගකාරී ක්‍රිකට් වටපිටාවක් නිර්මාණය කිරීම බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
වඩාත් තරගකාරී ක්‍රිකට් ව්‍යුහයක් හරහා දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ සමස්ත ප්‍රමිතිය ඉහළ නැංවීමටත්, ජාතික කණ්ඩායම් සඳහා දක්ෂ ක්‍රීඩකයන් සපයන මාර්ගය තවදුරටත් ශක්තිමත් කිරීමටත් හැකි වනු ඇතැයි මෙමඟින් විශ්වාස කෙරෙනවා.
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මෙතෙක් ප්‍රගතිය ඇතුළත් නිවේදනය පහතින්.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් 2026 අප්‍රේල් 29 වන දින පත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව (CTC), ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිවර්තනය කිරීම සඳහා තමන්ට පැවරී ඇති වගකීම ඉටු කිරීමේදී මේ දක්වා ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම තම වගකීමක් ලෙස සලකයි.
මෙම කමිටුවේ කාර්යභාරය ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් කේන්ද්‍ර කරගෙන පවතී: එනම්, තේරී පත් වූ පරිපාලනයක් ස්ථාපිත වන තෙක් යහපාලනය ස්ථාපිත කිරීම, ක්‍රීඩා පිටිය තුළ විශිෂ්ටත්වය ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෛනික මෙහෙයුම් විධිමත් කිරීමයි.
ඒ අනුව, ඉහත සඳහන් කාර්යභාරය යටතේ කමිටුව විසින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කමිටුව අපේක්ෂා කරයි.
පාලන කටයුතු
පාලන කටයුතු සම්බන්ධයෙන් ගත් කල, පරිවර්තන කමිටුව මාස දෙකක කාලයක් තුළ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම අවසන් කර රජය වෙත භාර දෙන ලදී. රජය මේ වන විට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී.
නවීන ක්‍රිකට් ක්‍රීඩාවේ අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි සකස් කර ඇති මෙම යෝජිත ව්‍යවස්ථාව, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත දියුණුව සඳහා ස්ථාවර පදනමක් සපයනු ඇතැයි කමිටුව විශ්වාස කරයි. එමෙන්ම, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC), ශ්‍රී ලංකා මහජනතාව සහ ක්‍රිකට් ලෝලීන් ඇතුළු සියලුම ප්‍රධාන පාර්ශ්වකරුවන්ට පිළිගත හැකි රාමුවක් එය මගින් සැපයෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දේශීය ක්‍රිකට් සමාජ
ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් ඉදිරි වසර දෙක තුළ ප්‍රධාන ‘Tier A’ (පළමු පෙළ) සමාජ සංඛ්‍යාව දැනට පවතින 14 සිට 10 දක්වා අඩු කිරීමටත්, ‘Tier B’ (දෙවන පෙළ) යටතේ සමාජ 12ක් පවත්වාගෙන යාමටත් තීරණය කර ඇත.
‘Tier A’ සමාජ සංඛ්‍යාව අඩු කිරීමේ අරමුණ වන්නේ රටේ දක්ෂතම ක්‍රීඩකයින් ඉහළම මට්ටමේ දේශීය තරගාවලියට සහභාගී වීම සහතික කිරීමයි. වඩාත් තරගකාරී දේශීය ව්‍යුහයක් මගින් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ සමස්ත ප්‍රමිතිය ඉහළ නංවන අතරම, ජාතික කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් සපයන ක්‍රියාවලිය (feeder pathway) ශක්තිමත් කරනු ඇති බව කමිටුවේ අදහසයි.
තරගාවලි කාලසටහන්කරණය
ප්‍රධාන සමාජ ‘Tier A’ ලීග් තරගාවලිය දැනට පවතින දින තුනක ආකෘතිය වෙනුවට දින හතරක කාලයක් පුරා පැවැත්වීමට ද ක්‍රිකට් පරිවර්තන කමිටුව තීරණය කර ඇත.
දින හතරක තරගාවලියක් මගින් ක්‍රීඩකයින්ට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම ආකෘතිය වන ටෙස්ට් ක්‍රිකට් සඳහා වඩා හොඳ සූදානමක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි කමිටුව විශ්වාස කරයි.
ක්‍රීඩකයින් සඳහා සුදුසු විවේක කාලයන් ද ඇතුළත් වන පරිදි පැහැදිලි සහ ක්‍රමවත් දේශීය ක්‍රිකට් කාලසටහනක් සකස් කිරීමට ද පියවර ගෙන ඇත. මෙය ක්‍රීඩකයින්ට සිදුවන ආබාධ සහ අධික වෙහෙසට පත්වීමේ (burnout) අවදානම අවම කිරීමට උප අනාගතයේදී ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා දක්ෂතා හඳුනාගැනීම සහ සංවර්ධනය කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික වැඩපිළිවෙළේ වැදගත් අංගයක් වන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් තරගාවලිය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
තණතීරුවල ප්‍රමිතිය ඉහළ නැංවීම
රට පුරා තණතීරුවල ප්‍රමිතිය වැඩිදියුණු කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස, ක්‍රිකට් පරිවර්තන කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හිටපු ප්‍රධාන පාලක ඇන්ඩි ඇට්කින්සන් මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධීන සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකින් පසුව පළපුරුදු ජාතික පාලකවරයෙකු බඳවා ගන්නා ලදී.
මීට අමතරව, ශ්‍රී ලංකා ක්‍රිකට් හි ජාත්‍යන්තර ස්ථානවල සේවය කරන සියලුම පාලකයින් දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සෘජුවම සේවයේ යොදවනු ලැබේ. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පාලක දෙපාර්තමේන්තුව කෙරෙහි වැඩි සෘජු කළමනාකරණ අධිකාරියක් ලබා දෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සංවර්ධනය කිරීමේ පුළුල් දැක්මට අනුකූලව තණතීරු සකස් කිරීමට හැකි වේ.
පුහුණු කිරීමේ ප්රමිතීන් ඉහළ නැංවීම
දිස්ත්‍රික් සහ පළාත් පුහුණු ව්‍යුහයන් හරහා පුහුණු ප්රමිතීන් ඉහළ නැංවීමට ක්‍රිකට් පරිවර්තන කමිටුව දැනට කටයුතු කරමින් සිටී.
දැඩි සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකින් පසුව, දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන්ගෙන් සමන්විත නව කණ්ඩායමක් පත් කර ඇත. ගෝලීය වශයෙන් පිළිගත් පුහුණුකරු සංවර්ධකයෙකු වන ඈෂ්ලි රොස් මහතාගේ සහභාගීත්වයෙන් සම්මුඛ පරීක්ෂණ පවත්වන ලදී.
අවශ්‍ය අවස්ථාවන්හිදී ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින්, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ව්‍යුහය සහ පවතින පුහුණු කුසලතා කට්ටල ඇතුළුව සමස්ත පුහුණු සැකසුම සමාලෝචනය කිරීමේදී රොස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහාය වේ.
දිස්ත්‍රික් සහ පළාත් පුහුණුකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සෘජු රැකියාව යටතට ගෙන ඒමට ද CTC පියවර ගෙන තිබේ. මෙමඟින් පුහුණු ක්‍රියාවලීන් සහ ප්‍රතිඵල සම්බන්ධයෙන් වැඩි අධීක්ෂණයක් සහ වගවීමක් සිදු කිරීමට සංවිධානයට හැකි වේ.
විනිසුරු සහ තරග තීරක (Match Referee) ප්රමිතීන් ඉහළ නැංවීම
පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම තලයකම විනිසුරු සහ තරග තීරක කටයුතු වල ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා පියවර ගෙන තිබේ.
මෙම වැඩපිළිවෙල, ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම මට්ටමකම ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා වන කමිටුවේ පුළුල් අරමුණට අනුකූල වේ.
මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, හිටපු ICC විනිසුරුවරයෙකු වන ලින්ඩන් හැනිබල් මහතා ‘විනිසුරු සංවර්ධන කළමනාකරු’ ලෙසත්, හිටපු ICC විනිසුරුවරයෙකු වන රුචිර පල්ලියගුරුගේ මහතා ‘විනිසුරු පුහුණුකරු’ ලෙසත් කමිටුව විසින් බඳවාගෙන ඇත.
පාසල් සහ සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව දක්වා වූ ක්‍රිකට් ක්‍රියාවලිය පුරාම, විනිසුරුවන් සහ තරග තීරකවරුන් ඇතුළු තරග නිලධාරීන්ගේ ප්රමිතීන් සංවර්ධනය කිරීමට සහ ඉහළ නැංවීමට ඔවුහු කටයුතු කරනු ඇත.
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සහ ක්‍රීඩක සුභසාධන ප්රමිතීන් ඉහළ නැංවීම
1996 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ලෙස කටයුතු කළ සහ පසුව ‘ක්‍රිකට් ඕස්ට්‍රේලියා’ (Cricket Australia) ආයතනය සමඟ සේවය කළ වෛද්‍ය ඇලෙක්ස් කවුන්ටූරිස් මහතාගේ සහාය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා වෛද්‍ය අංශය ප්‍රතිසංවිධානය කෙරෙමින් පවතී.
ක්‍රීඩක සුභසාධනය සහ ක්‍රීඩා වෛද්‍ය සේවාවන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණයි.
මීට අමතරව, ජාතික පිරිමි කණ්ඩායමේ මානසික කුසලතා සහ මානසික සූදානම ශක්තිමත් කිරීම සඳහා ක්‍රීඩා මනෝවිද්‍යාඥයෙකු ද මෙම වැඩසටහනට සම්බන්ධ කරගෙන ඇත.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය සහ පිළිගැනීම ඉහළ නැංවීම
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් සංවර්ධනය කිරීමට සහ එහි තත්ත්වය හා පිළිගැනීම ඉහළ නැංවීමට ද ‘ක්‍රිකට් පරිවර්තන කමිටුව’ (Cricket Transformation Committee) පියවර ගෙන ඇත.
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ වෘත්තීය සංවර්ධනයට සහාය වීම සහ සමස්ත කාන්තා ක්‍රිකට් වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා වන පුළුල් ප්රයත්නයක කොටසක් ලෙස, මාධ්‍ය සහ සන්නිවේදන කුසලතා සංවර්ධනය ඇතුළු පුහුණු වැඩසටහන් ආරම්භ කර තිබේ.
මෙහෙයුම් විධිමත් කිරීම සහ මූල්‍ය කළමනාකරණය
මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු නුවණින් යුතුව කළමනාකරණය කිරීම සහතික කිරීමට පියවර ගෙන ඇත.
අනවශ්‍ය වියදම් අවම කිරීමට සහ මූල්‍ය සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීම සහතික කිරීමට පියවර ගණනාවක් හඳුන්වා දී ඇත. මේවාට අනවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගවලින් ඉවත් වීම; අනවශ්‍ය උපදේශකයින්ගේ සේවය ලබා ගැනීම නතර කිරීම; පැහැදිලි කාර්යභාරයක් නොමැතිව පවත්වාගෙන ගිය තනතුරු ඉවත් කිරීම මගින් කාර්ය මණ්ඩල සහන
අතීතයේ අසාධාරණ ලෙස දඬුවම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයින්ට සහ ක්‍රීඩා සමාජවලට සහන සැලසීමට කමිටුව පියවර ගෙන තිබේ. මෙම මුලපිරීම ශ්‍රී ලංකා ක්‍රිකට්, එහි සේවකයින්, සාමාජික ක්‍රීඩා සමාජ සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීම සහ විශ්වාසය ගොඩනැගීම අරමුණු කර ගෙන ඇත.
නිගමනය
මෙතෙක් ක්‍රියාත්මක කර ඇති පියවර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීම සහ සෑම මට්ටමකින්ම ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහයන් නැවත ගොඩනැගීම සඳහා වැදගත් පියවර නියෝජනය කරන බව ක්‍රිකට් පරිවර්තන කමිටුව විශ්වාස කරයි.
කමිටුවේ අරමුණ වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත වරක් ලෝක මට්ටමේ ක්‍රිකට් සංවිධානයක් සහ ගෝලීය වශයෙන් ගෞරවනීය ක්‍රිකට් සන්නාමයක් බවට පත්වීම සඳහා අඩිතාලම දැමීමයි.
පරිවර්තන ක්‍රියාවලිය ඉදිරියට යත්ම තවත් පියවර හඳුන්වා දෙනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් විනිවිදභාවය පවත්වා ගැනීමට සහ වර්ධනයන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කැපවී සිටී. මෙම කරුණු සම්බන්ධයෙන් මහජනතාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම කමිටුව සාදරයෙන් පිළිගනී.













