දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට පසුගිය 11 වනදා අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්බෝම්බ ප්‍රහාර සිද්ධියේ සැකකරුවන්ට ත්‍රීරෝද රථය ලබාදුන් පුද්ගලයා ඇතුළු දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
පසුගිය 11 වනදා අලුයම් කාලයේ එල්ල වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් එම නිවසේ සිටි සිසුන් දෙදෙනෙකු මියගොස් ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලැබුවා.













