රියදුරු බලපත් ගන්න යන මත් ලෝලීන්ට වැඩ වරදී

බර වාහන රියැදුරු බලපත‍්‍රයට අදාළ වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණි තිස් දෙනකුගෙන් ලබාගත් මුත‍්‍රා සාම්පලවලින් මත්ද්‍රව්‍ය පානය කළ බවට අනාවරණය වූ සිව් දෙනකු වෛද්‍ය පරීක්ෂණය අසමත් වී ඇති බව ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා ජාතික පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

වෛද්‍ය පරීක්ෂණය අසමත් වූ එම පුද්ගලයන් සිව් දෙනා යළි දින දාහතරකින් පරීක්ෂණයට යොමු කරන අතර එහිදී ද වෛද්‍ය පරීක්ෂණය අසමත් වුවහොත් දිවි ඇතිතෙක් බර වාහන රියැදුරු බලපත‍්‍ර ලබා ගැනීමේ හැකියාව අහිමි වන බව ද සභාපතිවරයා සඳහන් කර තිබුණා.

බරවාහන රියැදුරු බලපත‍්‍රවලට අදාළ වෛද්‍ය සහතික ලබා ගැනීමේදී මත්ද්‍රව්‍ය පානය කළ බවට අනාවරණය වුවහොත් දිවි ඇතිතෙක් රියැදුරු බලපත‍්‍රය අහෝසි වීමට නියමිත බවයි එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?