ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද (12) අනුරාධපුර නගර සභා ක්රීඩාංගනයේ දී ජන රැළියක් සංවිධානය කර තිබුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂ දේශපාලන නායකයින් රැසක් මෙන්ම යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා ද ඒ සඳහා සහභාගී වී සිටියා.
මේ වන විට රක්ෂිත බන්ධාගාර ගතකර සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් රැලියට සුබ පැතුම් එක්කරමින් විශේෂ පණිවිඩයක් එක්කර තිබූ අතර, එම පණිවිඩය හිතොඋ පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිර්මාන්න විසින් රැලියේ දී ප්රකාශයට පත් කරනු ලැබුවා.
”කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ යකඩ කූරු අතරින් මම ඔබව දකිමි. ඔබ විසින් මා වෙත පල කරන මේ ලෙන්ගතු වූ සහෝදරත්වයේ උණුසුම මම මෙහි සිට අත්විදිමි”













