Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කිසිවෙකුගෙන් පළිගැනීමේ චේතනාවක් ආණ්ඩුවට නැහැ – ජනපති අනුර

සංවිධානාත්මක පාතාල කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව කිසිඳු අතරමැදි සමාදානයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

පාතාලය සහ ඒ හා බැඳුනු මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මුළුමනින්ම ඉවත් කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුව භාරගෙන ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ පොළොන්නරුව ගොවි රැළියට අද (12) එක්වෙමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

ආණ්ඩුවට කිසිවෙකුගෙන් පළිගැනීමේ චේතනාවක් නොමැති බවත්, ආණ්ඩුවට ඇත්තේ රට විනාශයට පත් කළ දූෂිතයින්ට දඬුවම්දීම සඳහා වූ චේතනාව පමණක් බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේ.

දූෂිතයින්ට දඬුවම් ලබාදීමකින් තොරව හෝ අපරාධවලට දඬුවම් ලබාදීමකින් තොරව රට ගොඩනැඟීමේ බලාපොරොත්තුවට යාමට නොහැකි බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.