වසර හතකට පසු ඉන්දියාවට පැමිණි චීන ජනාධිපතිට අති විශේෂ ආරක්ෂාවක්

වසර හතකට පසු ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින්, බ්‍රික්ස් සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං අද (12) දිනයේ දී ඉන්දියාවේ අගනුවරට පැමිණියා.

ඉන්දියාවට පැමිණි චීන ජනාධිපතිවරයා සමඟ අද සන්ධ්‍යාවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී දෙරට අතර වෙළඳ සහ ආයෝජන සබඳතා පිළිබඳව සාකච්ඡා කෙරෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර පැය 24අ කාලයක් සඳහා ඉන්දියාවට පැමිණි චීන ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් පුළුල් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව චීන ජනාධිපතිවරයා නවාතැන් ගන්නා හෝටලය ගුවන් ගමන් තහනම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා.

එමෙන්ම ත්‍රස්ත විරෝධී සහ බෝම්බ හඳුනාගැනීමේ කණ්ඩායම් එහි යොදවනු ලබන අතර, හෝටලය තුළ පුළුල් ආරක්ෂක පරීක්ෂාවන් ද සිදුකෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

මෙම පරීක්ෂාවන්ට න්‍යෂ්ටික, විකිරණ සහ ජෛව-රසායනික තර්ජන හඳුනාගැනීමේ පියවර ඇතුළත් වන අතර, එම පරිශ්‍රය අවට ඇති භූගත නළ මාර්ග සහ අනෙකුත් යටිතල පහසුකම් ද පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති.

මේ අතර ෂී ජින්පිංගේ ‘හොංකි’ රාජ්‍ය රථය, අතිරේක රථයක් සහ සන්නිවේදන උපකරණ රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, ඔහුගේ සංචාරයට දින 10කට පමණ පෙර චීනය විසින් ඉන්දියාවට එවා ඇති බව වාර්තා වනවා.

මේ අතර බ්‍රික්ස් සමුළුව වෙනුවෙන් දිල්ලි නගරය පුරා ආරක්ෂක කටයුතු දැඩි කර ඇති අතර, ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 15,000කට අධික සංඛ්‍යාවක් සහ අර්ධ-මිලිටරි බලකා ඒකක 200ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16