සැපයුම් සහ සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඉතාලියේ නාවික හමුදාවට අයත් ‘ITS GIUSEPPE GARIBALDI’ නම් යුද නෞකාව අද (12) දිවයිනෙන් පිටව ගියා.
එම යුද නෞකාව සිය අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුවයි කොළඹ වරායේ සිට මෙලෙස පිටත්ව ගියේ.
නෞකාව මෙරට රැඳී සිටි කාල සීමාව තුළ එහි අණදෙන නිලධාරී කපිතාන් මාර්කෝ ගුවෙරියෙරෝ (Marco GUERRIERO) සහ මෙරට බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා සමඟ නිල හමුවක් ද පත්වා තිබෙනවා.
ඒ එම විධාන මුලාස්ථානයේදී යි.
මේ අතර මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය කොළඹ ප්‍රදේශයේ ආකර්ශණීය සංචාරක ස්ථාන නැරඹීමට ද එක්වී තිබෙනවා.













