දළඳා වහන්සේ වෙනුවෙන් නව රන් කරඬුවක් පූජා කිරීම ගැන බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

මහනුවර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩහිඳුවීම සඳහා මෙතෙක් කල් පැවති රන් ආලේපිත කරඬුව වෙනුවට සම්පුර්ණයෙන්ම රත්තරනින් නිමකරන ලද කරඬුවක් පෞද්ගලික ධන පරිත්‍යාගයක් ලෙස දළඳා මාලිගාව වෙත පූජා කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්.ජී. සේනාරත්න පවසනවා.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, පසුගිය 08 වනදා මෙම රන් කරඬුව පූජා කිරීම සිදු වූ බවයි.

මෙම අවස්ථාව වෙනුවෙන් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සහ තමන් ද මෙම අවස්ථාවට සහභගී වූ බවයි ඔහු සඳහන් කළේ.

ඒ, අනුව අභිනවයෙන් පූජා කරන ලෙස රන් කරඬුව තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ඇතුළු අවශේෂ පූජා භාණ්ඩ තැන්පත් කිරීමට කටයුතුනරන බවට මහානායක හිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිලමේවරයා කරුණු පැහැදිලි කළ බවයි කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

එමෙන්ම පැරණි රන් ආලේපිත කරඬුව ද දළඳා මාලිගාවේ සුවිශේෂී ස්ථානයක තැන්පත් කිරීමට කටයුතු කරන බවට, මහානායක හිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිලමේවරයාගේ අත්සනින් යුක්තව ලිඛිතව තමන්ව දැනුම්වත් කර ඇති බව ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53