මාර්ග දෙපසට පැළ මිලියනයක් – මූලික අදියර ගැන සාකච්ඡාවක්

මාර්ග දෙපස පැළ ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (10) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.

ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන්.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත “හරිත මාවත – රටට හුස්මක් – මගට සෙවනක්” මාර්ග දෙපස පැළ මිලියනයක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියේ මූලික අදියර වශයෙන්, මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා පුළුල් මහජන සහභාගීත්වයක් ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

එනම් මෙහිදී මාර්ග දෙපස පදිංචි ජනතාව, පාසැල් ප්‍රජාව, පුද්ගලික අංශය හා ව්‍යවසායකත්වය සහ රාජ්‍ය ආයතනවල සක්‍රීය දායකත්වය ලබා ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්.

මාර්ග සංවර්ධන අධිකාරිය සතු A සහ B ශ්‍රේණියේ මාර්ග දෙපස, පරිසර කලාපවලට අනුකූල පැළ වර්ග යොදා ගැනීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව මුරුත, පලු, බුළු, සියඹලා , මල් ඇහැල, රජරට ඇහැල, මඟුල් කරඳ, මයිල, පිහිඹියා, මදටියා, ගොරකා, දිවුල්, ඇටඹ, නා, කොහොඹ, රොබෝසියා, කළු මැදිරිය, දං, වෙරළු, කටු අනෝදා, කොස්, අඹ, පෙතන්, මී, කුඹුක්, අටඹ, බෙලි වැනි ශාක වර්ග රැසක් මේ සඳහා යොදා ගැනීමට මෙහිදී තීරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම පැළ ආරක්ෂණය (Guard Mesh) සිදු කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

වායු දූෂණය අවම කිරීම, හා මගීන්ට සුවදායක පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ , ගම්පහ, කුරැණෑගල සහ ගාල්ල වැනි නගරවල උෂ්ණත්වය පාලනය හා සෞන්දර්ය නගා සිටුවීම අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම බියගම , කටුනායක සහ සීතාවක වැනි කාර්මික කලාපවල වායු දූෂණය වැළැක්වීම හා දුම ස්වාභාවිකව අවශෝෂණය වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘති සැලැස්මට අයත් වනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක් ද එක් වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53