කලම්බෝ මැරතන් 2026 තරගය අනිද්දා (13) කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.
මෙම තරගය පිළිබඳවව දැනුම්වත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවක් අද (11) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත් වුණා.
මෙම ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කළේ මෙම තරගය සඳහා තරගකරුවන් 5000ක් පමණ සහභාගීවන බවයි.
මේ වනවිටත් රටවල් 25 කින් පමණ තරගකරුවන් 140ක් පමණ මෙම මැරතන් තරගය වෙනුවෙන් ලියාපදිංචි වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
එලෙස ලියාපදිංචි වූ තරගකරුවන් අතර කෙන්යානු, ඉතියෝපියානු වැනි රටවල තරගකරුවන් ද සිටින බවයි ඔහු පැවසුවේ.
තරගයේ ජයග්රාහකයින්ට ත්‍යාග පිරිනැමීම වෙනුවෙන් මිලියන 12.8ක මුදලක් වෙන්කර ඇති බවත්, ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.
ක්‍රීඩාව ප්‍රවර්ධනය සහ කොළඹ නගරයේ සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙනි කලම්බෝ මැරතන් 2026 තරගය සංවිධානය කර තිබෙනවා.













