ඇමරිකානු සංගීතඥයෙකු, ගායකයෙකු, ගීත රචකයෙකු මෙන්ම 98 ඩිග්‍රීස් (98 Degrees) පදනමේ නිර්මාතෘවරයා වූ ජෙෆ් ටිමන්ස් (Jeff Timmons) ඊයේ (10) දිවයිනට පැමිණියා.
ඒ එළඹෙන 13 වෙනිදා කොළඹ දී පැවැත්වීමට නියමිත ප්‍රසංගයක් සඳහා සහභාගී වීමටයි.
කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී පැවැත්වීමට නියමිතව ඇති එම ප්‍රසංගයෙන්, ඔහුට ලැබෙන සියලුම මුදල් ශ්‍රී ලංකාවේ මානසික ආබාධවලින් පීඩා විඳින දරුවන් හට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබා දීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
ජෙෆ් ටිමන්ස් සමඟ ඔහුගේ පුත්‍රයා ද මෙරටට පැමිණ ඇති අතර ඔවුන් දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.













