විදෙස් ගමන් තහනමට කලින්ම ප්‍රේමලාල් රටින් ගිහින්

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්වන ප්‍රේමලාල් ජයසේකරට එරෙහිව පසුගිය සිකුරාදා විදේශ ගමන් තහනමක් පනවනු ලැබුවද, ඔහු ඊට පෙරම රටින් පිටව ගොස් ඇති බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා.
.
ප්‍රේමලාල් ජයසේකර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකුට එළඹෙන ඔක්තෝබර් 21 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පසුගිය සිකුරාදා ඔවුන්ට එරෙහිව විදේශ ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

2015 වසරේදී ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරේසේනගේ ජන රැළියක් අතරතුර කහවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව රත්නපුර මහාධිකරණය මගින් ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වා යන තිදෙනාට මරණ දඬුවම නියම කරනු ලැබුවා.

කෙසේවෙතත් පසුව අභියාචනාධිකරණය විසින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමටයි නියෝග කළේ.

එලෙස නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව සිද්ධියෙන් මියගිය ශාන්ත දොඩංගොඩ නැමැත්තාගේ බිරිඳ විසින් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මොවුන් තිඉදෙනාට විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා.

අධිකරණ නියෝගයට අනුව විදේශ ගමන් තහනම ක්‍රියාත්මක කිරීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව උත්සාහ කළ අවස්ථාවේ දී, ප්‍රේමලාල් ජයසේකර අගෝස්තු 31 වනදාම තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ අනුරාධපුර රැස්වීම අති සාර්ථක වෙයි
01:05
Video thumbnail
නාමල් රාජපක්ෂ වෙනුවෙන් දෙයියෝ ළඟට ගිය මිනිස්සු අත් දෙක එකතු කරලා ඉල්ලපු ඉල්ලීම..
00:11
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බේරුවල මහා ජන රැළිය
00:00
Video thumbnail
නාමල් වෙනුවෙන් රනිල් හඬ නගයි
00:35
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21