මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සංවිධානත්මක අපරාධ කල්ලියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කිරිබත්ගොඩ පොලිසියට හැකිව තිබෙනවා.
පොලිස් ස්ථානයට වෙත ලැබුණු තොරතුරක් මත කොළඹ, කොටුව ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකරු ඔහු තබාගෙන සිටි මෙම ගිනි අවි දෙක පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම හුණුපිටිය, සීවලී මාවතේ පිහිටි සැකකරුගේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේ දී දේශිය සහ විදේශීය නිෂ්පාදිත ගිනිඅවි දෙවර්ගය සදහාම යොදන උණ්ඩ කිහිපයක් ද පොලිසියට සොයාගැනීමට හැකිව තිබෙනවා.
සැකකරු පවසන පරිදි මෙම ගිවිඅවි ඉදිරියේ දී අවශ්‍ය කරන බවට පවසා, නිශාන්තන් නැමති අයෙක් විසින් ඔහුට ලබා දී ඇති අතර, වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ නිශාන්තන් නැමැත්තා, සංවිධානාත්මක අපරධ කල්ලි නායකයින් වන කංජිපානි ඉම්රාන් සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෙක් බවයි.
පොලිසිය විසින් සිදු කරනු ලැබූ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නිශාන්තන් නැමැත්තා ද දෙමටගොඩ ප්‍රදේශයේ දී ඊයේ (03) දිනයේ අත්තඩංගුවට ගෙන තිබුණා.
මෙම ගිනි අවි සහ යම් කිසි අපරාධයකට යොදා ගැනීමට සැලසුම් කර තිබුණාද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.













