කල්පිටිය පොලිස් වසමේ, පාලකුඩාව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ ගැබිණි කාන්තාවක් කල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඊයේ (03) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 26ක් වූ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි ගැබිණි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
අදාළ ගැබිණි කාන්තාව සිය සැමියාගෙන් වෙන්ව, වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්ව සිට තිබෙනවා.
එහිදී, පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අනියම් පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහර දී, මෙම ඝාතනය සිදුකර ඇති බවයි දැනට සිදු කළ විමර්ශනවල දී අනාවරණය ඇත්තේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 36ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කල්පිටිය පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.













