නේපාලයට ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව මේ වනවිට 1,127ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එමෙන්ම මෙම හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 4,858 දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇති අතර විදේශිකයන් 583කට ආසන්න පිරිසක්ද ඒ අතර වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මේ අතර ව්‍යසනයට ගොදුරු වූ පුද්ගලයන් 11,000ක් බේරාගැනීමට හැකි වූ බව එරට අගමැති බාලේන්ද්‍රන් ෂා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම නේපාලය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආධාර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 42ට වඩා හිමි වූ බව ද නේපාල අගමැතිවරයා පවසා ඇති බවයි වාර්තා වන්නේ.













