එංගලන්තයේ සංචාරයක නිරතව සිටින අතරතුර පාකිස්තාන ක්‍රීඩකයින් 07 දෙනෙක් සහ පුහුණුකරුවන් දෙදෙනා යළිත් පාකිස්ථානයට ගෙන්වා ගැනීමේ තීරණය සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් සහා විදෙස් මාධ්‍ය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.
මේ අතරතුර මෙලෙස දැක්වූ දුර්වල ක්‍රීඩා රටාව හේතුවෙන් සංෂ්චරය අතරතුර එම ක්‍රීඩකයින් පිරිස යළි මවුබිමට ගෙන්වා ගනීම සම්බන්ධයෙන්, පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ මිකී ආතර් සිය විරෝධය පළකර තිබුණා.
X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් එක්කරමින් මිකී ආතර් පෙන්වා දී ඇත්තේ මෙය අතිශය හාස්‍යජනක තීරණයක් බවයි.
පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ තේරීම් කමිටු සාමාජිකයින් නිරන්තරයෙන් කපා වෙනස් කරන නිසාත්, ස්ථාවරත්වයක් නොමැති නිසාත් මෙම ගැටළු හටගෙන ඇති බවට මිකී ආතර් පෙන්වා දී තිබෙනවා.













