ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී කඩුලු 5ක් දවාගත් වයස්ගතම ක්‍රීඩිකාවට හිමි වාර්තාව තමා සතුකර ගැනීමට මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය අතර පිහිටි දූපත් රාජ්‍යයක් වන ‘අයිල් ඔෆ් මෑන්’ ක්‍රීඩිකාවක් වන ජොඈන් හික්ස් (Joanne Hicks) සමත්ව තිබෙනවා.
ජොඈන් හික්ස් මෙම දක්ෂතාවය දක්වා තිබුණේ ග්‍රීසියට එරෙහිව පැවති විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී යි.
මීට පෙර ඕස්ට්‍රේලියාවේ බර්ට් අයන්මොන්ගර් (Bert Ironmonger), 1932 දී, එනම් ඇයට වයස අවුරුදු 49කදී දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගයකදී කඩුලු පහ බැගින් දවාගැනීම් දෙකකින් මෙම වාර්තාව පිහිටුවා තිබුණා.
ඒ අනුව, ජොඈන් හික්ස් විසින් මෙලෙස බිඳ දැමුවේ වසර 94ක් පැරණි වාර්තාවක්.
දකුණතින් පන්දු යවන ඕෆ්-ස්පිනර් (off-spinner) ක්‍රීඩිකාවක වන හික්ස්, වයස අවුරුදු 47 දී සිය මංගල තරගයට පිවිස තිබෙනවා.













