පසුගිය 26 වැනිදා නේපාලයට බලපෑ ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයන් 616ක් ජීවිතක්ෂයට පත්වූ බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම ආපදා තත්ත්වයෙන් දින තුනක් ගත වී අවසන් වුවද මේ වන විටත් අවම වශයෙන් පුද්ගලයින් 2,426 දෙනෙක් අතුරුදහන් වී ඇති බව නේපාල ආපදා කළමනාකරණ අධිකාරිය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, මුදාගැනීමේ සෝදිසි මෙහෙයුම් අද (29) අඛණ්ඩව සිව්වන දිනටත් සිදු වෙනවා.
කෙසේ වෙතත් ඊයේ (28) දිනයේ දී නේපාල විදේශ අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබුණේ මුදා ගැනීම සෝදිසි මෙහෙයුම් සඳහා, විදෙස් රටවල උපකාර අවශ්‍ය නොවන බවටයි.













