පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත කෝප්‍රල් පුෂ්පමාල්ගේ මව්පියන්ට යුද හමුදාපතිගෙන් උපහාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න, පසුගියදා පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත කෝප්‍රල් එස්.වී.ඒ.එම්. පුෂ්පමාල් රණවිරුවාගේ ගිරිතලේ, සරණසිරිගම පිහිටි නිවස වෙත ගොස් මව්පියන් හමුවී ඔවුන් වෙත සිය ගෞරවය පුදකර සිටියා.

02 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාජිකයෙකු වූ දිවංගත කෝප්‍රල් එස්.වී.ඒ.එම්. පුෂ්පමාල්, 2009 අප්‍රේල් මස 21 දින පුදුමාතලන් ප්‍රදේශයේ පැවති මානුෂීය මෙහෙයුමකදී සිවිල් ජනතාව මුදාගැනීමේ මෙහෙයුමකට සහභාගි වෙමින් මාතෘභූමිය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාගය කළා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහු 22 වැනි වියේ පසුවූ අතර, ඔහු විසින් පෙන්වූ අසමසම වීරත්වය හා උදාර පරිත්‍යාගය අගය කරමින් මරණින් පසු ශ්‍රී ලංකාවේ ඉහළම වීර වික්‍රම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් සහ පූර්ණ භූමි පදක්කමෙන් පිදුම් ලැබුවා.

මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිවරයා දිවංගත රණවිරුවාගේ පියා වන එස්.වී.ජී. විජේරත්න සහ මව වන කේ.වී. අමරාවතී මැණිකේ හට මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදුකළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38