උණුසුම් කාලගුණය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව නැගෙනහිර සහ උතුරු මැද පළාත් සහ යාපනය, කිලිනොච්චි, වව්නියාව, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේ දී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකියි බවයි දැනුම් දෙන්නේ.
හෙට (24) දිනයට වලංගුවන පරිදි එම දෙපාර්තමේන්තුව විසින් මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබෙනවා.













