ඉන්දියාව සහ ජපානය ඉන්දු-පැසිෆික් කලාපයේ මුහුදු ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ඓතිහාසික සමුද්‍රීය ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබුණා.
මෙම ගිවිසුමට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජපාන ආරක්ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි නවදිල්ලියේදී අත්සන් තැබුවා.
ගිවිසුම අනුව ඉන්දීය නාවික හමුදාව සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක හමුදාව අතර ඒකාබද්ධ නාවික අභ්‍යාස, බුද්ධි තොරතුරු හුවමාරුව සහ ආරක්ෂක තාක්ෂණික සහයෝගිතාව පුළුල් කිරීමට නියමිතයි.
ඉන්දියාව සහ ජපානය පවසන්නේ මෙම ගිවිසුම ඉන්දු-පැසිෆික් කලාපයේ නිදහස් සහ විවෘත නාවික ගමනාගමනය ආරක්ෂා කිරීම සඳහා වැදගත් පියවරක් බවයි.
විශේෂයෙන් චීනය ඉන්දීය සාගරයේ සහ ඉන්දු-පැසිෆික් කලාපයේ නාවික බලපෑම පුළුල් කරමින් සිටින පසුබිමක, මෙම සහයෝගිතාව කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සහ Quad රටවල් අතර සමුද්‍රීය ආරක්ෂක සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස සැලකෙනවා.













