ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ පටුමග ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිදු කරනු ලබන විමර්ශනයට අනුව අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් පෙරේදා (19) දින රාත්‍රී ගල්කිස්ස පොලිස් වසමේ ටෙම්පල් පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 20 හා 23 වයස්වල පසුවන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙහි එක් සැකකරුවෙකු 2025.05.05 දින ගල්කිස්ස පොලිස් වසමේ සිල්වෙස්ටර් පාරේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට ආධාර අනුබල ලබා දුන් සැකකරුවෙකු බවටද කරුණු අනාවරණය වී තිබෙනවා.
මෙම අපරාධය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හා සැකකාරිය රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදුකිරීමෙන් පසු ඔවුන් ඊයේ (20) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
ඔවුන් ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ගල්කිස්ස පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













