ගල්කිස්සේ වෙඩි තැබීමට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ පටුමග ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිදු කරනු ලබන විමර්ශනයට අනුව අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් පෙරේදා (19) දින රාත්‍රී ගල්කිස්ස පොලිස් වසමේ ටෙම්පල් පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 20 හා 23 වයස්වල පසුවන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහි එක් සැකකරුවෙකු 2025.05.05 දින ගල්කිස්ස පොලිස් වසමේ සිල්වෙස්ටර් පාරේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට ආධාර අනුබල ලබා දුන් සැකකරුවෙකු බවටද කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හා සැකකාරිය රඳවා තබාගෙන විමර්ශන කටයුතු සිදුකිරීමෙන් පසු ඔවුන් ඊයේ (20) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

ඔවුන් ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ගල්කිස්ස පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි
01:25
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි - ගී හඬ නිහඬ වුණත්… ආදරය තවමත් ගලා එයි
01:30
Video thumbnail
අධිකරණ ඇමති සහ පොලිස් ඇමති නන්දා මාලනියට සමුදුන් අයුරු - ඇය ජාතික සම්පතක් - කලා ලෝකයට ලොකු පාඩුවක්
03:20
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:30
Video thumbnail
සැවොම හඬවමින් දැයෙන් සමුගත් නන්දා මාලනීගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී
01:33
Video thumbnail
22 ගැන හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට චෝදනා ?අනවශ්‍ය දේවල් ඉදිරියට ගේන්නේ මෙයාලා
01:13
Video thumbnail
සාලිය පිරිස්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පොලිසිය බොරු නඩු හදනවා..ඉස්සර බෝම්බ දැන් කුඩු
05:22