එල්නිනෝ තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම්වලට මුහුණදීම සඳහා රජය අවශ්‍ය පූර්ව සූදානම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසනවා.
අද (20) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා .
වියළි කාලගුණ තත්ත්වය පවතින දිස්ත්‍රික්ක සඳහා ජලය බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
මඩකලපුව, මොණරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය පානීය ජලය බෙදාහැරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.













