නවීනතම ලැම්බෝගිනි මෝටර් රථ 14ක් කටුනායකට රැගෙන එයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිරතාවයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ඔස්සේ නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගයක් විවර වී තිබෙනවා.

ඒ අනුව ඉතාලියේ නිෂ්පාදිත නවීනතම ලැම්බෝගිනි මෝටර් රථ 14 ක්, ශ්‍රී ලංකාව හරහා ඩුබායි සහ කටාර් රාජ්‍යයට රැගෙන යාමට නියමිතයි.

ඉතාලියේ සිට මුහුදු මාර්ගය ඔස්සේ හම්බන්තොට වරාය වෙත ගෙනැවිත්, එතැන් සිට අඩි 40 ක් දිග බහාලුම් 07 ක බහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනවිත් තිබුණා.

ඉන් අනතුරව එම මෝටර් රථ විශාලත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක පටවා, කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි සහ කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.

මෙම එක් මෝටර් රථයක අවම මිල ශ්‍රි ලංකා රුපියල් කෝටි 50 ක් වන අතර එහි ස්පෝට්ස් කාණ්ඩයේ රථයක මිල රුපියල් කෝටි 100ක් පමණ වන බවත්, ඒ අනුව නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගය නිසා ශ්‍රී ලංකාවට ද ආර්ථික වශයෙන්  වාසිදායක තත්වයක් උදා වෙමින් පවතින බවත් , මෙම මෝටර් රථ ප්‍රවාහනය සදහා භාර ගෙන ඇති ඩෙන්මාර්කයට අයත් සමාගමක් පෙන්වා දෙනවා.

මෙම මෝටර් රථ මීට දින කීපයකට පෙර හම්බන්තොට වරායට ගෙනැවිත් තිබූ අතර අද (21) දිනයේ දි මෙම මෝටර් රථ තොගය රැගත් ගුවන් යානය ඩුබායි සහ දෝහා බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16
Video thumbnail
NPP ආණ්ඩුව බුද්ධ ධර්මය පිළිගන්නවද..? ගස් ගල්වලට වඳින මිනිස්සු කියලානේ කිව්වේ එයාලා..
00:21
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43