කැමරන් දේශසීමාව ආසන්නයේ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බටහිර දෙසින් පිහිටි කුඩා පරිමාණයේ රන් පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100 දෙනෙක්ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ව්කිදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම රන් පතලෙහි බිම් මට්ටමේ පිහිටි උමං මාර්ග කිහිපයක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට ආරක්ෂක අංශ පවසනවා.
මියගිය පිරිසට අමතරව තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.













