මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 71ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 93,115ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර අගෝස්තු මාසයේ ගත වූ දින 19ක කාලය තුළ දී මෙරටින් ඩෙංගු රෝගීන් 7,777 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි එම ඒකකය සඳහන් කරන්නේ.
ඩෙංගු රෝගීන් වාර්තාවීම අතින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන දිස්ත්‍රික්ක අතර ගම්පහ දිස්ත්‍රික්ක තවමත් ඉදිරියෙන් පසුවනවා.
ඒ, අනුව මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 19825 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඊට අමතරව කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්කවලින් පිළිවෙලින් ඩෙංගු රෝගීන් 18475ක් සහ 6725ක් මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.













