ඩෙංගු මරණ සංඛ්‍යාව 71ක් දක්වා ඉහළ යයි – රෝගීන් ගණන 93,000 පනී

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 71ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 93,115ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර අගෝස්තු මාසයේ ගත වූ දින 19ක කාලය තුළ දී මෙරටින් ඩෙංගු රෝගීන් 7,777 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි එම ඒකකය සඳහන් කරන්නේ.

ඩෙංගු රෝගීන් වාර්තාවීම අතින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන දිස්ත්‍රික්ක අතර ගම්පහ දිස්ත්‍රික්ක තවමත් ඉදිරියෙන් පසුවනවා.

ඒ, අනුව මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 19825 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඊට අමතරව කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්කවලින් පිළිවෙලින් ඩෙංගු රෝගීන් 18475ක් සහ 6725ක් මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43
Video thumbnail
හබරකඩ බරකොකු තෛල සත්කාරය රැගෙන හබරකඩ ඔසු අධ්‍යක්ෂවරයා ජපානයාට යයි
02:04
Video thumbnail
දෙල්ගොඩ බිහිසුණු අනතුර CCTV කැමරාවේ - මවයි පුංචි දියණියයි එළොව යයි
01:19
Video thumbnail
චාමරට පාර්ලිමේන්තුවේ යකා නගියි - සරණාගතයෝ 7000ක් ලංකාවට පටවන්න යන්නේ
02:41
Video thumbnail
ගල් බෝතලයක් රු.3700ක් වෙනවා..මිනිස්සු මොනවද බොන්නේ..දයාසිරි නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
03:18
Video thumbnail
චාමර හොඳට අමතද්දි ජනපති අනුර පාර්ලිමේන්තුවට එයි - හිනාවත් දාගෙන බලාගෙන ඉන්න හැටි
03:10
Video thumbnail
ශ්‍රී පාද සංචාරයේ ආ මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ අනතුර
01:06
Video thumbnail
සමහර නීතිඥයින්ට අමුතු වරමක් ලැබිලනේ - මේවා ඇත්තටම විහිළුනේ..හිනා යනවනේ
12:25
Video thumbnail
ප#රදීම් ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් තිදෙනෙක් මහ රෑ පලායයි - එහෙම ළමයින්ට ග#න්නේ කොහොමද එයාලා ?
05:53