දෙහිවල සත්තු වත්තේ සිටි ගැහැණු ජිරාෆ් සත්ත්වයා මියගිහින්

දෙහිවල සත්වෝද්‍යානයේ වාසය කළ වයස්ගත ගැහැණු ජිරාෆ් සත්ත්වයා ඊයේ (18) රාත්‍රියේ දී මියගොස් ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම ජිරාෆ් සත්ත්වයා මිය යන විට වයස අවුරුදු තිහකට ආසන්න බවයි.

සාමාන්‍යයෙන් ජිරාෆ් සත්ත්වයන්ගේ ආයු කාලය වනයේදී වසර 20-25ක් පමණ වන අතර, මනා පරිපාලනයක් සහිත සත්වෝද්‍යාන පරිසරයක දී ඊට වැඩි කාලයක් ජීවත් විය හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව මෙම ජිරාෆ් සත්ත්වයා දිගු ආයු කාලයක් භුක්ති විඳ ඇති බව එහි සඳහන්.

මිය යාමට පෙර මෙම ජිරාෆ් සත්ත්වයා සම්බන්ධයෙන් විශේෂ රෝගී තත්ත්වයක් වාර්තා වී නොතිබූ අතර, සත්ත්වයා වයස්ගත වීමත් සමඟ ඇති වූ ස්වභාවික තත්ත්වයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව නිරීක්ෂණය වන අතර වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද දින (19) සිදු කිරීමට නියමිත බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසන්නේ.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සත්ත්ව සුබසාධනය, ජාන විවිධත්වය පවත්වා ගැනීම සහ සත්ත්ව සංරක්ෂණය සිදු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන සත්ත්ව හුවමාරු වැඩසටහන් යටතේ, මෙම වසර අවසන් වීමට පෙර නව ජිරාෆ් සතුන් යුගළ දෙකක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29