එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ආරක්ෂක උපදේශක ෂෙයික් ටහ්නූන් බින් සයිඩ් අල් නහියන් අතර දුරකථන සංවාදයක් ඊයේ (18) පවත්වා තිබෙනවා.
හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු වී ඇති බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.
එහිදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නාවික කටයුතු කිරීමේ නිදහසේ වැදගත්කම අවධාරනය කර ඇති බවයි වාර්තා වන්නේ.
ගල්ෆ් කලාපය දෙසට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව පැවසීමෙන් පසු “නැවත දැනුම් දෙන තුරු” ඉරානය සමඟ සියලුම වෙළඳ හුවමාරු සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය මීට පෙර දැනුම් දුන්නා.













