සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම සියල්ල දැවී ලකුණු 284 කට සීමා වුණා.
ඒ, ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට ලබාගත් ලකුණු 462ට පිළිතුරු වශයෙන්.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 80ක් රැස්කළ අතර, සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ සොනාල් දිනුෂ ලකුණු 100ක් රැස් කළා.
පන්දු යැවීමේ දී මානව් සුතාර් සහ රවීන්ද්‍ර ජඩේජා ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 03 බැගින් බිඳ දැමුවා.
ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 178ක් ඉදිරියෙන් පසුවෙනවා.
තරගයේ තුනාවන් දිනය අදයි.













