මෙය මාගේ අවසන් තරග වාරය විය හැකියි – සමුගැනීමට ගැන රොනාල්ඩෝගෙන් ඉඟියක්

පාපන්දු සුපිරි තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසන්නේ, මෙය ඔහුගේ අවසාන තරග වාරයවීමට ඉඩ ඇති බවයි.

මෙම තරග වාරය අවසානයේ වෘත්තීය පාපන්දු ක්‍රීඩාවෙන් තමන් විශ්‍රාම ගන්නා බවයි රොනාල්ඩෝ ඉඟිපළකර ඇත්තේ.

“මෙය බොහෝ විට මගේ පාපන්දු ක්‍රීඩාවේ අවසාන වසර විය හැකියි, මට දර්ශනීය උරුමයක් ඉතිරි කිරීමට අවශ්‍යයි.” යනුවෙන් ඔහු ඊයේ වෝග් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබෙනවා.

41 හැවිරිදි ඔහු පසුගිය අඟහරුවාදා තම සහකාරිය වන ජෝර්ජිනා රොඩ්‍රිගස් සමඟ විවාහ වූ අතර, මේ වන විට තම පවුල කේන්ද්‍ර කරගත් අනාගතයක් පිළිබඳව සැලසුම් කරමින් සිටිනවා.

‘බැලොන් ඩෝර්’ සම්මානය සහ ‘චැම්පියන්ස් ලීග්’ ශූරතාවය පස් වතාවක් බැගින් දිනා ඇති රොනාල්ඩෝ, එංගලන්තය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ සෞදි අරාබිය යන රටවල ලීග් ශූරතා දිනාගෙන තිබෙනවා.

රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා වන අතර, ඔහුගේ නම ඉදිරියේ ගෝල 976ක් ලියවී තිබෙනවා.

“මගේ අනාගතය පිළිබඳ සැලසුම් මම දැනටමත් සකසාගෙන අවසන්. මා කාර්යබහුලව තබා ගැනීමට බොහෝ දේ ඇති නිසා, ඉන් එකක් පමණක් සඳහන් කිරීම අපහසුයි. මොකද පාපන්දු ක්‍රීඩාවෙන් ඉවත් වීමෙන් පසු විශාල හිස්තැනක් ඇති විය හැකි නිසා, කාලය ගත කිරීමට විවිධ ක්‍රම සොයාගත යුතුයි; එක් ක්‍රමයක් පමණක් ප්‍රමාණවත් නොවෙයි.” යනුවෙනුයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51