ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ඇරඹේ

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් වියට්නාම ජාතික ගුවන් සේවයවන ” වියට්නාම් එයාර් ලයින්ස් ” විසින් මංගල ගුවන් යානය ඊයේ (16) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම ගුවන් ගමන සදහා එයාර් බස් ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එම ගුවන් යානය සාම්ප්‍රදායිකව සිදුකරන ජල ආචාර පවත්වා කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබුවා.

වියට්නාමයේ හෝ චි මින් නුවර සිට වී.එන්.- 671 දරණ මෙම ගුවන් යානය ඊයේ (16) රාත්‍රී 11.02ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එම ගුවන් යානයෙන් ගුවන් මගීන් 164 දෙනෙක් පැමිණ සිටි අතර, යළිත් එම ගුවන් යානයෙන් ගුවන් මගීන් 172 දෙනෙකු සමඟ කටුනායක ගුවන් තොටුපොළෙන් වියට්නාමය බලා පිටත්ව ගියා.

ඒ, අනුව වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සතියකට දින 03ක් එනම් ඉරිදා, බදාදා සහ සිකුරාදා යන දිනවල ගුවන් ගමන් සිදු කෙරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38