නුවරඑළියේ ප්‍රා.ලේ කාර්යාලවල සිදුව ඇති මූල්‍ය වංචා ගැන සොයන්න ජනපති අධීක්ෂණය යටතේ විගණන කණ්ඩායමක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු වී ඇති බව කියන මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විගණන කණ්ඩායමක් පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්‍ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි පවසනවා.

ඒ අනුව 2023 වසරේ සිට 2026 වසර දක්වා කාලය තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10ක මෙම
විගණනය සිදුකරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නෝර්වුඩ් සහ තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු වී ඇති බව කියන අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචාවත් සමඟ, දිට්වා අපදාවෙන් පීඩාවට පත් ජනතාවට ආපදා මුදල් ලබාදීම, කොරෝනා ව්‍යසනය සමයේ අඩු ආදායම් ලාභීන්ට සමෘද්ධිය හරහා ලබාදුන් රුපියල් 5000ක දීමනාව සහ සමෘද්ධි ලාභීන්ට රජය මගින් ලබාදෙන සහනාධාර සහ වැඩිහිටි දීමනා නිසිලෙස ප්‍රතිලාභීන්ට ගෙවා ඇත්ද යන්න පිළිබඳව මෙහිදී විගණනය කිරීමට නියමත බවයි ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඒ, අනුව විගණනය ආරම්භ කිරිමට පෙර මේ පිළිබවද තොරතුරු වෙතොත් එම තොරතුරු තමන් වෙත ලබා දෙන ලෙස ද ප්‍රතිලාභීන්ගෙන් මන්ත්‍රිවරයා ඉල්ලා සිටිනවා.
.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38