ඉන්දියාව – දකුණු අප්‍රිකානු රටවල් අතර වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ඇරඹේ

ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු රේගු සංගමය හෙවත් SACU අතර වෙළෙඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා යළි ආරම්භ කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබෙනවා.

ඒ අනුව සාකච්ඡාවල විෂය පථය සහ ක්‍රියාපටිපාටිය ඇතුළත් එකඟතා ලේඛනයකට ඊයේ (13) අත්සන් තැබුවා.

දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, නැමීබියාව, ලෙසොතෝ සහ එස්වාටිනි යන රටවල් SACU සංවිධානයට අයත් වනවා.

ඉන්දියාව අපේක්ෂා කරන්නේ මෝටර් රථ, ඖෂධ, කාර්මික යන්ත්‍රෝපකරණ, විදුලි උපකරණ, රසායනික ද්‍රව්‍ය සහ රෙදිපිළි ඇතුළු භාණ්ඩ සඳහා එම රටවල වෙළෙඳ බදු අඩු කර ගැනීමටයි.

මෙම සාකච්ඡා මීට පෙර 2002 සිට 2010 දක්වා වට පහක් පැවැත්වීමෙන් අනතුරුව එකඟතාවකින් තොරව අවසන් වී තිබුණා.

නව ගිවිසුම මඟින් මිලියන 65කට ආසන්න ජනගහනයක් සහිත දකුණු අප්‍රිකානු වෙළෙඳපොළට ඉන්දීය සමාගම්වලට වැඩි ප්‍රවේශයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17