ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු රේගු සංගමය හෙවත් SACU අතර වෙළෙඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා යළි ආරම්භ කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබෙනවා.
ඒ අනුව සාකච්ඡාවල විෂය පථය සහ ක්‍රියාපටිපාටිය ඇතුළත් එකඟතා ලේඛනයකට ඊයේ (13) අත්සන් තැබුවා.
දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, නැමීබියාව, ලෙසොතෝ සහ එස්වාටිනි යන රටවල් SACU සංවිධානයට අයත් වනවා.
ඉන්දියාව අපේක්ෂා කරන්නේ මෝටර් රථ, ඖෂධ, කාර්මික යන්ත්‍රෝපකරණ, විදුලි උපකරණ, රසායනික ද්‍රව්‍ය සහ රෙදිපිළි ඇතුළු භාණ්ඩ සඳහා එම රටවල වෙළෙඳ බදු අඩු කර ගැනීමටයි.
මෙම සාකච්ඡා මීට පෙර 2002 සිට 2010 දක්වා වට පහක් පැවැත්වීමෙන් අනතුරුව එකඟතාවකින් තොරව අවසන් වී තිබුණා.
නව ගිවිසුම මඟින් මිලියන 65කට ආසන්න ජනගහනයක් සහිත දකුණු අප්‍රිකානු වෙළෙඳපොළට ඉන්දීය සමාගම්වලට වැඩි ප්‍රවේශයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.













