සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර හෙට (15) ඇරඹෙන පළමු ටෙස්ට් තරගයේ සත්කාරකත්වය දරන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන වාර්තා අතර නව සන්ධිස්ථානයක් සටහන් කිරීමට නියමිතව තිබෙනවා.
මෙලෙස හෙට (15) දිනයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වන තරගය, එම ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 50 වන තරගය ලෙස ඉතිහාස ගත වනවා.
ඒ අනුව ටෙස්ට් තරග 50ක් පැවැත්වූ ආසියාවේ එකම ක්‍රීඩාංගණය බවට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වාර්තා පොත් අතරට එක් වීමට නියමිතයි.
එමෙන්ම හෙට (15) දිනයේ දී ඉන්දියාව ද තරග වදිනුයේ සිය 600 වන ටෙස්ට් තරගයට වීමද විශේෂත්වයක්.













