AFC Banner
Empty Ad
Empty Ad

යාපනයේ කඩු කල්ලියක් – දකින දකින අයගේ අත් කපා දාලා

යාපනය කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල් ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ තියුණු ආයුධ සමගින් පැමිණි පිරිසක් සිදු කල පහරදීමකින් පුද්ගලයින් 08 දෙනෙකුට බරපතල තුවාල සිදු වී තවත් දේපල රැසක්ද විනාශ කොට පලා ගොස් ඇතැයි කෝපායි පොලීසිය පවසනවා.

කොණ්ඩාවිල්හි පිහිටි ශබ්දාගාරයක් අසල රැස්ව සිටි පිරිසක් වෙතට එකවරම මුහුණු ආවරණය කර ගෙන කඩු ඇතුලු තියුණු ආයුධ සමගින් යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කොට ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

එහිදී තියුණු ආයුධ සහිතව පැමිණි පිරිස් විසින් ශබ්දාගාරය ඉදිරිපිට සිටි පුද්ගලයින් බරපතල කැපුම් තුවාල සිදු කොට ඇති අතර ඇතැම් පුද්ගලයින්ගේ අත් සිරුරෙන් වෙන් වන ලෙසින්ද කපා ඇති බවටත් අනතුරුව අසල තිබූ ත්‍රීරෝද රථයකට සහ කාර් රථයකටද දැඩි අලාභ හානි කොට ශබ්දාගාරයටද ගිනි තබා පලා ගොස් ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

බරපතල කැපුම් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රදේශවාසීන් විසින් යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කොට ප්‍රතිකාර ලබන බවද රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවා.

මේ අතර අදාල පහරදීම සිදු කල පුද්ගලයින් කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැති අතර සී.සී.ටී.වී දර්ශන ඇත්දැයි සොයා බලා කණ්ඩායම් කිහිපයක් විසින් අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කොට ඇති බවටද කෝපායි පොලීසිය වැඩිදුරටත් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?