ගාසා තීරය සඳහා ට්‍රම්ප්ගේ කරුණු 15ක සැලැස්ම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි

ඊශ්‍රායලය සිය සමීපතම සගයා වන ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද කරුණු 15 කින් යුත් ගාසා සාම සැලැස්ම නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

හමාස් සංවිධානය නිරායුධ කරන බවත්, ඊශ්‍රායල හමුදා ගාසාවෙන් අදියර වශයෙන් ඉවත් වන ලෙසත් එම සැලැස්ම මගින් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම නිරායුධ කරන තුරු ඊශ්‍රායල හමුදා ඉවත් වීමක් සිදු නොවන බවයි.

ඊශ්‍රායල හමුදාවන්ට සහ පුරවැසියන්ට එරෙහි තර්ජන මැඩපැවැත්වීම දිගටම කරගෙන යනු ඇති බව සඳහන් කරන නෙතන්යාහු, ඊශ්‍රායලය මෙම ගැටලුව පිළිබඳව ඇමරිකානුවන් සමඟ කතා කරන බවයි පවසන්නේ.

පසුගිය ජූලි 30 වන දින ඩොනල්ඩ් ට්‍රම්ප් “ඓතිහාසික” ගිවිසුමක් ප්‍රකාශයට පත් කළ අතර එයට ගාසා තීරයේ හමාස් සහ අනෙකුත් සියලුම සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීම ඇතුළත්.

එය “කල්පවත්නා සාමය සහ ආරක්ෂාව සඳහා වූ ස්මාරක පියවරක්” ලෙසයි ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51