ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවෙක් එම නෝට්ටු සමඟ මාට්ටු

මිරිහාන පොලිස් වසමේ කෝට්ටේ පාර ප්‍රදේශයේදී ඊයේ (08) දින උදෑසන බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සන්නිවේදන මධ්‍යස්ථානයක වැටලීමක් සිදුකර ව්‍යාජ ලෙස මුද්‍රණය කර තිබූ මුදල් නෝට්ටු හා ඒ සඳහා යොදා ගත් උපකරණ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අවුරුදු 53 ක් වන පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සන්නිවේදන මධ්‍යස්ථානයේ හිමිකරු වන අතර අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ අතර ව්‍යාජ රුපියල් 5,000/- මුදල් නෝට්ටු 07 ක්, රුපියල් 1,000/- මුදල් නෝට්ටු 06 ක්, රුපියල් 500/- මුදල් නෝට්ටු 01 ක්, පරිගණක යන්ත්‍ර 01 ක්, ස්කෑන් යන්ත්‍ර 01 ක්, ප්‍රින්ටර් යන්ත්‍ර 01 ක්, ෆෙන් ඩ්‍රයිව් 01 ක්, පේපර් කටර් 01 ක් හා අඩිරූල 01 ක් බවයි පොලිසිය සඳහන් පවසන්නේ.

සැකකරු අද (09) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57