පසුගිය 05 වැනිදා ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානය මඟින් ආරම්භ කළ විමර්ශනය මත ඊයේ (08) දින සවස මොරටුව හා රත්මලාන ප්‍රදේශවලදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 21, 26, 28 හා 30 වයස් වල පසුවන මොරටුව හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලසිය සඳහන් කළේ.
දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මෙම අපරාධය සිදුකර ඇති බවත්, සංවිධානාත්මක අපරාධකරුවන් අතර පවතින ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී තිබෙනවා.
ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.













